fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මධ්‍යයේ චීනයේ වාර්ෂික විලාසිතා දැක්ම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2020 13:22

කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ චීනයේ වාර්ෂිකව පැවැත්වෙන විලාසිතා දැක්ම අද ආරම්භ වුණා.

එය දින නවයක් පුරා පැවැත්වෙන බවයි සංවිධායකයින් සදහන් කරන්නේ. 2021 වසරේදී වෙළෙදපොළට හදුන්වාදීමට නියමිත නවතම විලාසිතා මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. බීජිං නුවරදී පැවැත්වෙන විලාසිතා දැක්මට නරඹන්නන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇති අතර ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ ද ඊට සම්බන්ධ විය හැකියි. විලාසිතා එළිදැක්වීම් සියයක් පමණ මෙම දින නවය තුළ සිදු කෙරෙන බවයි සංවිධායකයින් නිවේදනය කරන්නේ. චීන විලාසිතා නිර්මාණකරුවන්ට අමතරව බ්‍රිතාන්‍ය හා පේරු රාජ්‍යයේ නිර්මාණකරුවන්ද මෙයට එක්ව සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2020 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්