fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ නිවාස 56 කට මුල්ගල තැබේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2020 14:49

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ දිවයින පුරා සෑම ග්‍රාම සේවා වසමකම අඩු ආදායම්ලාභී පවුල් සදහා නව නිවාස ඉදිකිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. එහි පළමු අදියර යටතේ වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ නිවාස 56 කට මුල්ගල තැබීම සිදුකෙරුණා.

අලුතින් ඉදි කෙරෙන නිවාස සදහා මුල්ගල් තැබීම සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ නිවාස නොමැති සියලු දෙනාගේ නිවාස ගැටලු විසදීමට ඉදිරියේදි රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. එක් නිවසක් සදහා පළමු අදියර යටතේ රුපියල් ලක්‍ෂ හය බැගින් ලබා දීම ද මෙහිදී සිදුකෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2020 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්