අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් 368 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
ඒ අනුව දිවුලපිටිය ඇඟලුම් කර්මාන්තශාලාව සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4052 ක් වී තිබෙනවා.ඉන් 92 දෙනෙකු මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවටයි හදුනාගෙන තිබෙන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව 7521 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 3714 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 3792 දෙනෙකු පමණයි.
කොරෝනා වයිරසය මේ වනවිට වැඩි වශයෙන් ආසාදනය වී ඇත්තේ තරුණ ප්‍රජාවට බවට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මත්ස්‍ය වෙළදපොළ ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වුවද මාළු ආහාරයට ගැනීමට බිය විය යුතු නැති බවයි සෞඛ්‍ය සදහන් කරන්නේ.