අඩු ආදායම්ලාභි සහ නිපුණතා රහිත ශ්‍රමිකයින් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ තවත් පිරිසකට පත්වීම් ලිපි ප්රදානය කෙරුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සදහා රැකියා ලක්ෂයක් ලබාදීමේ සැළසුම යටතේයි මෙම රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇත්තේ. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් හයසිය දෙනෙකුට පත්වීම් ලිපි දඹුල්ලේ දී ප්රදානය කෙරුණේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතලේ දිස්ත්‍රික්කය තුළ අදියර කිහිපයක් යටතේ මෙම පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ තවත් 326 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.ප්‍රාදේශීය මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
වව්නියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලින් තෝරාගත් 69 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. වව්නියාව දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදී රැකියා ලාභීන් තෝරාගැනීම සිදුකර තිබුණා.