මෙරටදී දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වූ දිනය ලෙස ඊයේ (23) දිනය හැදින්විය හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඊයේ (23) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු හදුනා ගැනුණා. ඊයේ (23) පස්වරුව වන විට ආසාදිතයින් 609 දෙනෙකු වාර්තා වී තිබු අතර තවත් ආසාදිතයින් 256 දෙනෙකු ඊයේ (23) රාත්‍රිය වන විට හදුනාගෙන තිබූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදන කළේ.
තවත් විදෙස් රටක සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. දේශීයව හදුනාගත් පිරිසෙන් බහුතර ආසාදිතයින් සංඛ්‍යාවක් පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය සම්බන්ධ පිරිස් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඔවුන්ගේ ආශ්‍රිතයින් ප්‍රදේශ ගණනාවකින් හමු වී ඇති අතර එම පිරිස් පීසීආර් පරික්ෂණ හා නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් වාර්තා වන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් අසාදිතයන් 34 දෙනෙක්, මාකොළින් 08 දෙනෙක්, කොටහේන ප්‍රදේශයෙන් 63 දෙනෙක්, බම්බලපිටියෙන් 02 දෙනෙක්, හෝකන්දර ප්‍රදේශයෙන් 03 දෙනෙක්, මට්ටක්කුලියෙන් 79 දෙනෙක්, කොළොන්නාවෙන් 12 දෙනෙක්, කැළණියෙන් 19 දෙනෙක්, පෑලියගොඩින් 54 දෙනෙක්, අංගොඩින් 06 දෙනෙක්, කොළඹ කොටුවෙන් දෙදෙනෙක්, උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් දෙදෙනෙක්, මතුගමෙන් 02 දෙනෙක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 26 දෙනෙක්, බුලත්සිංහලින් 02 දෙනෙක්, අකුරැස්ස ප්‍රදේශයෙන් එක් අයෙක්, මෝදර ප්‍රදේශයෙන් 09 දෙනෙක්, මරදානින් 13 දෙනෙක්, මාළිගාවත්තෙන් 03 දෙනෙක්, නුගේගොඩින් එක් අයෙක්, මස්කෙළිය ප්‍රදේශයෙන් එක් අයෙක්, කොල්ලුපිටියෙන් එක් අයෙක්, හෙයියන්තුඩුවෙන් දෙදෙනෙක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 07 දෙනෙක්. ජා-ඇල ප්‍රදේශයෙන් 06 දෙනෙක්. මොරටුවෙන් 04 දෙනෙක්, කඩුවෙල ප්‍රදේශයෙන් එක් අයෙක්, හලාවතින් එක් අයෙක්, පස්සරින් එක් අයෙක්, ඔරුගොඩවත්තෙන් 3 දෙනෙක්, ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් එක්අයෙක්, වටගොඩින් එක් අයෙක්, රාගමෙන් එක් අයෙක්, ගම්පොළින් 03 දෙනෙක්, ගල්කිස්ස ප්‍රදේශයෙන් 03 දෙනෙක්, සීදුව ප්‍රදේශයෙන් 03 දෙනෙක්, මාතරින් එක්අයෙක්, ඌරුගමුව ප්‍රදේශයෙන් දෙදෙනෙක්, ගෝනවලින් එක්අයෙක්, හුණුපිටිය ප්‍රදේශයෙන් එක් අයෙක්, බෙලිඅත්තෙන් එක් අයෙක්, පරගස්තොට ප්‍රදේශයෙන් එක් අයෙක්, කළුතර ප්‍රදේශයෙන් එක් අයෙක්, මත්තෙගොඩින් එක් අයෙක්, කිරිල්ලවලින් එක් අයෙක්, ඕලියමුල්ල ප්‍රදේශයෙන් එක් අයෙක්, උඩුගමින් එක් අයෙක්, බොගවන්තලාව ප්‍රදේශයෙන් එක් අයෙක්, ඇටගොඩ ප්‍රදේශයෙන් එක් අයෙක්, ඉමදුවෙන් එක් අයෙක්, වව්නියාවෙන් එක් අයෙක්, කුරුණෑගලින් එක් අයෙක්, පල්ලෙවෙල ප්‍රදේශයෙන් එක් අයෙක්, මහරින් එක් අයෙක්, බත්තරමුල්ලෙන් එක් අයෙක්, මාලඹේ ප්‍රදේශයෙන් එක් අයෙක්, මොණරාගලින් එක් අයෙක්, නාවලපිටියෙන් එක් අයෙක්, සේදවත්ත ප්‍රදේශයෙන් එක් අයෙක්, නාරාහේන්පිටින් එක්අයෙක්, නාවලින් එක් අයෙක්. මිනුවන්ගොඩින් 05 දෙනෙක්, දිවුලපිටිය ප්‍රදේශයෙන් 04 දෙනෙක්, මීරිගමින් එක් අයෙක්, දෙල්ගොඩ ප්‍රදේශයෙන් එක් අයෙක්, කනවත්ත ප්‍රදේශයෙන් එක් අයෙක් සහ උඩුපිටිය ප්‍රදේශයෙන් එක් අයෙකු වශයෙනුයි.
මේ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3684 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 1041 දෙනෙකු එම ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් වනවා.
සෙසු පුද්ගලයින් 2643 දෙනා ඔවුන්ගේ සමීපතමයින් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. කෙසේ වුවද මේ වන විට මෙරටන් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7153ක්. ඒ අතරින් 3424 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3714 ක් වන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 426ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.