ඊයේ දිනය තුළදී ඇමෙරිකාවෙන් අසූ දහස ඉක්මවා ගිය කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා.
එය මෙතෙක් ඇමෙරිකාවෙන් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව ඇමෙරිකාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව අසූ හත් ලක්ෂ හැට හතර දහස් නවසිය පනස් තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමෙරිකාවේ ප්‍රාන්ත තිස් අටක ආසාදිතයන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙවන් තත්ත්වයක් මත ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්ෂ්‍ය ඉක්මවා යා හැකි බවයි අධ්‍යනයකින් හෙළිව තිබෙන්නේ. සියල්ලන්ටම මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කළහොත් එම මරණ වලින් එක්ලක්ෂ තිස් දහසක් පමණ වලක්වා ගත හැකි බවයි සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.