පිළියන්ද මල්ලියා හා තලවතුගොඩ බොත්තමා නමින් හැදින්වෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා හා තවත් පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත් වුණා.
තලංගම පොලීසියේ දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරකට අනුව තලවතුගොඩ වික්‍රමසිංහපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. පිළියන්දල මල්ලියා සහ තලවතුගොඩ බොත්තමා නැමැති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සහ තවත් සැකකරුවකු මෙහිදී අත්අඩංගුවට ගැනුණේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් ද සමගයි.
ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතන දෙකක්, ඉලෙට්‍රික් තරාදියක් හා මුදලින් රුපියල් පහලොස් දහසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මොවුන්ගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමීණි කාන්තාවක හා තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.