කොළ පැහැයෙන් යුත් අලුත උපන් බලු පැටවෙකු පිළිබඳ ඉතාලියේ ගම්මානයකින් වාර්තා වනවා.
ඉතාලියේ සාඩිනියා දූපත් හි කුඩා ගම්මානයක් ආශ්රිත ගොවිපොළකයි මෙම කොළ පැහැති බලු පැටවා උපත ලබා තිබෙන්නේ. මෙම පැටවා සමග උපන් අනෙක් පැටවුන් 4 දෙනා සුදු පැහැයෙන් යුක්ත වන අතර මෙම පැටවා උපදින අවස්ථාවේදීම තද කොළ පැහැයෙන් යුක්ත වූ බවයි පැවසෙන්නේ. මේ වන විට කොළ පැහැති වර්ණය අඩු වී තිබෙන බව ගොවිපොළ හිමිකරු පවසනවා.