දැනුම් දී ඇති දිනයේදී පමණක් සේවා ලබාගන්නට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
පවතින තත්වය මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණීම සඳහා වලංගු දින වෙන් කරගැනීමක් අත්‍යවශ්‍ය බවයි ඔවුන් ප්‍රකාශ කළේ. දින වෙන් කර ගැනීමෙන් තොරව පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබානොදෙන බව එහි පාලක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සදහන්.
දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට ද කාර්යාල පරිශ්‍රයට ඇතූළුවීමට අවසර ලබානොදෙන බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.