20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ආරම්භ වුණා. ජනමත විචාරණයකට යායුතු කරුණු දෙක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බවයි විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීිතිඥ අලිසබ්රි මහතා ප්‍රකාශ කළේ.
විවාදය අදත් (22) පෙරවරු දහයට ආරම්භ වනවා.
රාති‍්‍ර 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ජන්ද විමසීම ආරම්භ වනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඩ් බදියුදීන් මහතා අද (22) සහ හෙට (23) පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගී කරවන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම් දී තිබෙනවා. ඊයේ (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිකුත් කළ නියෝගයකට අනුවයි වේත්‍රධාරිවරයා මෙම පියවර ගෙන තිබෙන්නේ.