කොරෝනා මෙහෙයුම වෙනුවෙන් ජපානය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 9.6 ක් ලබාදීමට සූදානම්
Related Articles
කලාපයේ වඩාත් ප්‍රශස්තම කොරෝනා මර්දන මෙහෙයුම ශ්‍රී ලංකා රජය ගෙන යන බැවින් ඒ සදහා දෙරට අතර ඓතිහාසික මිතුදම ද සංකේතවත් කරමින් ඇමෙරිකා ඩොලර් මිලියන 9.6 ක මුදලක් ලබා දෙන බව ජපාන රජය පවසනවා.
ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළා. මෙම හමුව විදුලිබල අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්ද ජපාන තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ද ලබා දෙන බවයි තානාපතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජපාන රජය වෙත මෙහිදී ප්‍රසාදය පළකලා.