ව්‍යාජ ලේඛණ යොදාගෙන චීනයේ සිට මෙරටට ආනයනය කර තිබූ එතනෝල් බැරල් 80ක් සහිත කන්ටේනරයක් රේගු අත්අඩංගුවට පත්වුණා.
මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු 2009 වසරේදී සමාගමක නමක් ව්‍යාජ ලෙස භාවිත කර මෙම එතනෝල් ගෙන්වා තිබූ බවයි හෙළිවුණේ. ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙහි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එතනෝල් තොගය ව්‍යාජ ලෙස ගෙන්වීම තුළින් රජයට රුපියල් මිලියන 20 ක පාඩුවක් සිදුව ඇති බවයි නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත් සිල්වා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.