තමන් යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි රියාජ් බදියුදීන් සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සදහන් කළේ මෙම පෙත්සම ගාස්තු රහිතව නිශ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි. පසුගිය අප්‍රේල් 14 වනදා අත්අඩංගුවට ගත් තමන් රැදවුම් නියෝග මත මාස 6ක් රදවාගෙන ප්‍රශ්න කළ බව සැකකරු පවසනවා.
මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා කියා සිටියේ රැදවුම් නියෝගය අවසන් කර පෙත්සම්කරු අත්අඩංගුවෙන් මුදාහැර තිබුණද ඔහුට එරෙහිව නව සාක්ෂි අනාවරණය වන්නේ නම් ඒ පිළිබද යළි පරික්ෂණයක් සිදු කිරීමට පොලිසියට නීතිමය බාධාවක් නැති බවයි.