ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු පුරන් කුඹුරු යළි අස්වැද්දීම වප් මගුල් උත්සවයකින් ඇරඹේ.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ කාබනික පොහොර භාවිතයෙන් දේශීය වී වර්ග සහ එළවළු වර්ග ප්‍රචලිත කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය සතු පුරන් කුඹුරු අස්වැද්දීමේ වප් මගුල් උත්සවය ඊයේ (20) ආරම්භ විය.
මාදිවෙල බටහිර ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය සතු පුරන් කුඹුරු සහ ඉඩම්වල අනවසරයෙන් පදිංචි පවුල් ඉවත් කර ඔවුන්ට ද නිවාස ලබා දී එම ඉඩම්වල ද මෙම වගා කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.
පාර්ලිමේන්තු සංකිර්ණය අවට වගාකළ හැකි කුඹුරු අක්කර 460 ක් නාගරික සංවර්ධන අධිකාරිය සතු අතර නාගරික කෘෂි කර්මාන්තයේ පළමු අදියර 2013 වසරේ තලවතුගොඩ, කිඹුලාවල ප්‍රදේශයේදි ආරම්භ කෙරුණේ වර්තමාන ජනාධිපති එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.
මීට පෙර 2013 වර්ෂයේ දී තලවතුගොඩ, කිඹුලාවල ප්‍රදේශයේ වී වගා කෙරුණු අක්කර 100 ක භූමි භාගයේ වගා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරුණු අතර ඒ සඳහා යොදා ගත්තේ කාබනික පොහොරයි.
මාදිවෙල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මෙසේ වගා කටයුතු දියත් කළේ මාදිවෙල නැගෙනහිර හා මාදිවෙල බටහිර ගොවි සංවිධානවල නියෝජිතයන් විසිනි.
ඉදිරියේ දී මේ ආකාරයෙන් මිරිහාන හා තලපත්පිටිය ප්‍රදේශවල නාගරික සංවර්ධන අධිකාරියට අයත් පුරන් කුඹුරුවල වී වගා කිරීමට ද අපේක්ෂිතයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික කෘෂි ව්‍යාපෘතිය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වගා කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.