fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ ජය කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2020 09:55

ඉන්දීය පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට ජයග‍්‍රහණය හිමිවුණා.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහකට ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 164 ක්. ශිකර් ධවාන් නොදැවී ලකුණු 106 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දු වාර 19 කදී ලකුණු 167 ක් ලබාගනිමින් ජයග‍්‍රාහී ඉලක්කය පසුකළා.

තරගාවලියේ තවත් තරගයක් අද (21) රාත‍්‍රි 7.30 ආරම්භ වනවා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2020 09:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්