විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙරවරුවේ ආරම්භ වනවා. අද (21) සහ හෙට(22) විවාදය පැවැත්වීමටයි නියමිත.
පෙරවරු 10 ට ආරම්භ වන විවාදය රාති‍්‍ර 7.30 දක්වා පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ. දෙවන වර කියවීමේ ජන්ද විමසීම හෙට රාත්‍රි 7.30 න් පසු සිදුකෙරෙන අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවට එළඹෙන බවයි පාර්ලිමේන්්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේ.
විසි වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. පනත් කෙටුම්පතින් සංශෝධනය කර ඉවත් කෙරෙන වගන්ති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන අධිකරණ අමාත්‍ය අලිසබ්රි මහතා.