මාලිගාවත්ත ලක්සෙත සෙවන නිවාස සංකීර්ණයේ මත්ද්‍රව්‍ය සෙවීමේ සෝදිසි මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි හුවමාරුවකදී ප්‍රබල සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා. මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය තොගයක් සගවා ඇති බවට මදූෂ් ලබා දුන් තොරතුරකට අනුවයි වැටලීම සදහා ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ.
එම මෙහෙයුමේදී රුපියල් කෝටි 22 ක් වටිනා මත් කුඩු කිලෝ 22 ක් සොයා ගත් බවද පොලීසිය ප්‍රකාශ කළා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකදුරේ මදූෂ් නමැත්තා ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දීමට පසුගිය 16 වනදා කටයුතු කෙරුණා. එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සගවා තිබූ රුපියල් කෝටි 10කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට පසුගියදා හැකිවුණා. ඒලෙස තවත් මත්ද්‍රව්‍ය තොගයක් මාලිගාවත්ත ලක්සෙත සෙවනේ 10 වෙනි මහලේ සගවා ඇති බවට මාකදුරේ මදූෂ් තොරතුරු ලබා දී තිබුණා. ඒ අනුවයි අද අළුයම ඒම නිවාස සංකීර්ණයේ සෝදිසි මෙහෙයුම ආරම්භ කෙරුණේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මකදුරේ මදූෂ් ඒම ස්ථානයට රැගෙන යනු ලැබුවා. ඒහිදී නිවාස සංකීර්ණයේ පියගැට පෙළ නගිමින් සිටියදී සැගව සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. පොලිසිය ද එහිදී ප්‍රතිප්‍රහාර එල්ලකළ අතර මාකදුරේ මදූෂ් එම වෙඩි හුවමාරුවේදී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සැකකරුවන් පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකළ අතර එහිදි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් යතුරුපැදිය දමා එම ස්ථානයෙන් පලාගිය අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි. මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් කළ පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ එය වැල්ලවත්ත ප්‍රදේශයේ නවතා තිබියදී සොරකම් කළ යතුරුපැදියක් බවයි. වැල්ලවත්ත ප්‍රදේශයේ යතුරු පැදිය නතර කළ තරුණයෙකු පැය තුනකට පමණ පසු පැමිණීමේ දී යතුරුපැදිය නොතිබූ බවට ඔහු වැල්ලවත්ත පොලිසියේ අපරාධ අංශයට පැමිණිලි කර තිබුණා. මෙලෙස අද උදෑසන මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට පැමිණි යතුරුපැදිය වැල්ලවත්ත ප්‍රදේශයේ දී සොරකම්කල යතුරුපැදිය බවට වැල්ලවත්ත පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා.
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ පෙබරවාරි පස්වනදායි. ඩුබායි හි පැවති සාදයක් අතරතුර එරට පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු තවත් සැකකරුවන් තිස් දෙනෙකු සමගයි. ඒහිදී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ද ඔවුන් ලග තිබී පොලිසිය සොයා ගත්තා. සිදු කෙරුණු පරික්ෂණවලින් අනතුරුව ඒරටින් මෙම පිරිස පිටුවහල් කිරීමට පියවර ගැනුණ ද මාකදුරේ මදූෂ් මෙරටට පැමිණීම ප්‍රමාද වුණා. ඒ පිටුවහල් කිරීමට ඒරෙහිව ඔහු ඩුබායි අධිකරණයට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කර තිබීම හේතුවෙනුයි. කෙසේ වෙතත් පසුගිය වසරේ මැයි පස්වනදා මෙරටට පැමිණි මාකදුරේ මදූෂ් කටුනායක ගුවන්තාටුපොලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. මේ අතර මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරංජලා ද සිල්වා මහත්මිය මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකළා. මාකදුරේ මදූෂ්ගේ විවාහක බිරිද මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මෘත ශරීරය හදුනාගෙන තිබෙනවා. මාකදුරේ මදූෂ්ගේ නීත්‍යානුකූල බිරිද සහ ඔහුගේ මවගේ සහෝදරියක කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය දේහය ඔවුන්වෙත ලබා දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා. පශ්චාත් මරණ පරික්ෂණය බොරැල්ල පොලිස් මෘත ශරීරාගාරයේදී සිදු කිරීමෙන් අනතුරුවයි සිරුර භාරදීම සිදු කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/texm697t0gE”]