ඇමෙරිකා ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා අතර පැවැත්වෙන දෙවන සජීවී විවාදය අතරතුරදී එක් අපේක්ෂකයෙකු කතාකරන විට අනෙක් අපේක්ෂකයාගේ මයික්‍රෆෝනය ක්රියාවිරතහිත කිරීමේ ක්‍රමවේදය භාවිතා කරන බව වාර්තා වනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් අතර පසුගිය මාසයේදී පැවැති සජීවී සංවාදය ඇමෙරිකා ඉතාහාසයේ වැඩිම විවේචනයට ලක්වූ සංවාදය ලෙසයි සැලකෙන්නේ. ජෝ බයිඩ්න් අදහස් ප්‍රකාශ කරන අතරතුරදී ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඔහුට එල්ලවූයේ දැඩි බාධාකිරීම්. ඒ හේතුවෙන් සංවිධායකයින් මයික්‍රෆෝන ක්‍රියාවිරහිත කිරීමේ ක්‍රමවේදය භාවිත කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.කෙසේ වුවද එම ක්‍රමවේදයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම විරෝධය පළකර තිබෙනවා.