fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පහ ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල ජනතාවට 5000 දීමනාව බෙදාදීම ඇරඹේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2020 18:30

ඇදිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම අද (20) ආරම්භ කෙරුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් හැත්තෑදෙදහස් තුන්සිය හතළිස් පහක් සදහා මෙම රුපියල් පන්දහසේ දීමනාව හිමිවනවා. පළමු අදියර යටතේ දිවුලපිටිය,  මිනුවන්ගොඩ,  අත්තනගල්ල හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා දීමනාව පිරිනැමෙනු ඇති. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහඅටදහස් හාරසිය හැටතුනක්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිස්හයදහස් හාරසිය විසි දෙකක් හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හත්දහස් අටසිය අසූහයක් සදහා මුල් අදියර යටතේ දීමනාව හිමිවනවා.

මහා භාණ්ඩාගාරයෙන් ඒ සදහා රුපියල් කෝටි 40 ක් වෙන්කර ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කළේ. නිරෝධායන නීතිවලට අනුකූලව දීමනා ලබා දීම සිදු කෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2020 18:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්