fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් අත්අඩංගුවට (PHOTOS)

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 14:46

කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් අත්අඩංගුවට (PHOTOS)

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ අද (18) සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා.

උතුරු මැද නාවික විධානය හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදි මුහුදු මගින් ඕලුතුඩුවායි වෙරළට ගෙනවිත් බෙදා හැරීම‍ට සූදානම් කරමින් තිබූ පොලිතීන් කවර 10 ක් තුළ පාර්සල් 94 ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 200 ග්‍රෑම් 825 ක තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද, කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ අතර, ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කරනු ලබයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්