fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිකර් ධවාන්ගෙන් ශතකයක් – දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ජය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 12:42

ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ  සාජාහි දී පැවති චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් අතර තරගය කඩුලු පහක ජයක් හිමි කර ගත්තේ දිල්ලි කණ්ඩායමයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දී චෙන්නායි කණ්ඩායම ලකුණු එකසිය හැත්තෑ නවයක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි ක්‍රීඩකයන් පන්දු වාර දහනවයයි පන්දු පහක් අවසානයේ කඩුලු පහක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ ශිඛර් දවාන් නොදැවී ලකුණු එකසිය එකක් ලබාගත්තා. තරගයේ අවසාන පන්දු වාරයේදී ජයග්‍රහණය සදහා ලකුණු දාහතක් ලබා ගත යුතුව තිබූ අතර රවින්ද්‍ර ජඩේජා යොමු කළ එම පන්දු වාරයේදී අක්සර් පටෙල් විසින් හයේ පහර තුනක් සමගින් ලකුණු විස්සක්
ලබා ගනිමින් දිල්ලි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

මේ අතර බැංගලෝර් කණ්ඩායම හා රාජස්තාන් රෝයල් අතර ඩුබායිහි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර විස්ස
අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු එකසිය හැත්තෑ හතක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් ක්‍රීඩකයන් කඩුලු තුනක් පමණක් දැවී තිබියදී පන්දු වාර දහනවයයි පන්දු හතරකදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා. විශිෂ්ට ඉනිමක්
ක්‍රීඩා කළ ඒ බී ඩිවිලියර්ස් පන්දු විසි දෙකකදී ලකුණු පනස් පහක් රැස් කළේ හයේ පහර හයක් සමගිනුයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 12:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්