fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෝහා කටාර් සිට පුද්ගලයින් 26 දෙනෙකු දිවයිනට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 12:53

දෝහා කටාර් හි සිටි පුද්ගලයින් 26 දෙනෙකු අද (18) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ලගා වුණා.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ.

ත්‍රිවිද හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 66 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. ඒ අනුව නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 53937 ක් වනවා. තවත් පුද්ගලයින් 9386 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින්නේ මධ්‍යස්ථාන 82 ක් තුළයි.

ඊයේ දිනය තුල පීසීආර් පරික්ෂණ 8724 ක් සිදු කර ඇති අතර මේ දක්වා දිවයින පුරා පිසීආර් පරික්ෂණ තුන් ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය හතලිස් අටක් සිදු කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්