fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 53ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 09:33

ගත වූ පැය 24 තුළ නිරෝධයන ඇදිරිනීතිය කඩ කළ පුද්ගලයින් 53ක් පොලිස් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අත් අඩංගුවට පත්ව ඇති සමස්ත ගණන 265කි. වාහන සංඛ්‍යාව 48කි. මෙතෙක් දිනකට වැඩිම අත් අඩංගුවට ගැනීම් 53ක සංඛාව බව අජිත් රෝහණ මහතා පවසයි. මෙම පිරිස සීදූව,ගම්පහ, දොම්පේ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවදුරටත් නිරෝධයන ඇදිරිනීතිය ක්‍රියාත්මක බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,සැමවිට නිරෝධායන නීතීවලට ගරු කරමින් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙස මහජනතාවට දන්වා සිටියේ ය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්