fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු අගමැති හමුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 14:58

විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු අග්‍රාමාත්‍යතුමා හමුවී තිබෙනවා.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කළ මොහාන් පීරිස් මහතා, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

විදෙස් තානාපති සේවයට යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුබ පැතුම් එක් කළේය.

නව පත්වීම් ලද මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගතවීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්