fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීන කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මියගේ අවසන් කටයුතු අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 12:28

ප්‍රවීන කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සිදු කෙරෙනවා.

මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවා.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලට ද ඇය රංගනයෙන් දායක වී තිබේ.

දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි ගීත හරහා ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත්තාය.

අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද  (17) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්