fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 36ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 11:33

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 36ක් පොලිස් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් අත් අඩංගුවට පත් සමස්ත සමස්තය ගණන 203ක් වෙයි.

පොලිස් භාරයට පත්ව ඇති වාහන ගණන 40කි. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද (17) දිනයේ දී ආහාර වෙළඳ සැල් සහ ඖෂධ සැල් විවෘත නොකෙරෙන බවද කී අජිත් රෝහණ මහතා,සැමවිටම දුරස්ථභාවය,මුව ආවරණ පැලදීම,අත් සාදාගැනීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්