fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පානදුර – උතුර පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරකින් තුවාල ලබයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:28

ජනතාවට හිරිහැර වන අයුරින් යතුරු පැදි ධාවනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව එය පරීක්ෂා කිරීමට ගිය පානදුර, උතුර, පොලිස් ස්ථානාධිපතිවරයා  යතුරුපැදිවල ගැටීමෙන් තුවාල ලැබුවා.

පානදුර, උතුර පොලිස් ස්ථානාධිපති ආර් වනිගතුංග මහතායි මෙලෙස අනතුරට ලක්වුණේ. තරුණයන් පිරිසක් ජනතාවට හිරිහැර වන අයුරින් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට ලද තොරතුරකට අනුව පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපතිවරයා එය පරීක්ෂා කිරීමට ගොස් තිබෙනවා. එහිදී විදුලි පහන් නොමැතිව අධික වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකකුයි පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් කැබ් රථයේ ගැටී ඇත්තේ. ඊයේ රාත්‍රි 12.00ට පමණ සිදුවූ අනතුරින් යතුරුපැදිවල පැමිණි පුද්ගලයින් ද තුවාල ලබා තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්