fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා ආරක්ෂක ප‍්‍රධානියා සහ දකුණු කොරියා ආරක්ෂක ඇමති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:05

ඇමෙරිකා ආරක්ෂක ප්‍රධානී මාර්ක් එස්පර් සහ දකුණු කොරියා ආරක්ෂක අමාත්‍ය සූ වොක් අතර ආරක්ෂක උපදේශන හමුව පෙන්ටගනයේ දී පැවැත්වුණා.

උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. අන්තර් මහද්වීපික මිසයිල සහ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් තුළින් ලොව රටවල්වලට එල්ලවන බලපෑම් පිළිබදව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. උතුරු කොරියාව සිය 75වන පාලක කම්කරු පක්ෂයේ සංවත්සර සැමරුම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියේදී නවතම අන්තර් මහද්වීපික මිසයිලය ප්‍රදර්ශනය කළා. උතුරු කොරියාව මේ වන විටත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදාබලා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්