fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තයේ විරෝධතා පැවැත්වූ පිරිස අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 15:29

තායිලන්තයේ උද්ඝෝෂණ උත්සන්න වීම හේතුවෙන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග විරෝධතා පැවැත්වූ  පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ කණ්ඩායමේ ප්‍රධානි සහ එරට ශිෂ්‍ය සංගම් නියෝජනය කළ ශිෂ්‍ය නියෝජිතයාද අත්අඩංගුවට පත්වූ බවයි වාර්තා වන්නේ. හදිසි නීතිය යටතේ උද්ඝෝෂණ තහනම් කර ඇති අතර නීති කඩ කරන පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා. තායිලන්තයේ රාජාණ්ඩුවට සහ වත්මන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දින ගණනක සිට එරට විරෝධතා ක්‍රියාත්මකයි. හමුදා කුමන්ත්‍රණයකින් 2014 වර්ෂයේදී බලයට පත්වූ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත් රාජාණ්ඩු ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් උද්ඝෝෂකයින් පෙන්වා දෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්