fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ අභිනව උප කුලපති වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 14:27

සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ අභිනව උප කුලපතිවරයා ලෙස පත්කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියන ආරච්චි මහතා සිය ධූරයේ රාජකාරිය ආරම්භ කළා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවැනි උප කුලපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමියේ අධ්‍යන උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කර මහලියන ආරච්චි මහතා කේෂ්ත්‍ර ගණනාවක අත්දැකීම් ලබා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියන ආරච්චි මහතා සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේදී සුභ මොහොතින් නව ධූරයේ රාජකාරිය ආරම්භ කළා.

මේ අතර ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සාංවත්සර උත්සවය හා සුහද හමුව කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලූම විදුහල්පතිවරුන්ගේ වැටුප් විශමතා ඇතුලු විවිධ වෘත්තීය ගැටලු විසදීම පිළිබද ඉල්ලීම් සහිත යෝජනාවලියක් රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීම ද මෙහිදී සිදු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්