ඉතාලියේ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනය තුළදී වාර්තා වුණා. එම සංඛ්‍යාව හත්දහස් තුන්සිය තිස් දෙකක්. වසංගතයේ පළමු රැල්ල අතරතුර යුරෝපයේ දරුණුතම බලපෑමට ලක් වූ රටක් ලෙස ඉතාලිය හැදින් වූ අතර මේ වන විට තවත් විශාල ආසාදිත රැල්ලක් සමග ඔවුන් සටන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර පෘතුගාලයට ඊයේ රාත්‍රියේ සිට ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබුණේ වෛරස් ව්‍යාප්තිය ශීඝ්රවීමත් සමගින්.