මෙරට පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක පදනමින් ජන මාධ්‍ය පාසල් විසි පහක් රටපුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව සදහන් කළේ
පාසල් අවධියේම දරුවන්ට ජන මාධ්‍ය පිළිබද අවබෝධයක් මෙන්ම මාධ්‍ය ආචාර ධර්ම පිළිබද අධ්‍යාපනයක් ලබාදිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. පළමු පියවර ලෙස උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සදහා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහනක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ බවද අමාත්‍යවරයා පැවසුවා.
මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් වගකීමෙන් යුතු මාධ්‍ය හැසිරීමක් සිදුවිය යුතු බව රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නා.