fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ පැරිස් නුවර ඇතුළු තවත් නගර 8කට යළි ඇඳිරිනීතිය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 09:52

ප්‍රංශයේ පැරිස් නුවර ඇතුළු තවත් නගර අටකට යළි ඇඳිරිනීතිය පැනවීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පියවර ගෙන තිබෙනවා.

ප්‍රංශය තුළ යළි කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ යාමත් සමඟ රාත්‍රී කාලයට පමණක් ඇඳිරිනීතිය පැනවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සති හතරක කාලයක් රාත්‍රී නවයේ සිට උදෑසන හය දක්වා ඇඳිරිනීතිය බලපැවැත්වෙනවා. එමෙන්ම මත්පැන් අලෙවිසැල් සහ පොදු ස්ථාන තවදුරටත් වසා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් වාර්තා වූ නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,591 කක්. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 779,063ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්