fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගලයන් 52612ක් නිරෝධායනය අවසන් කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 09:25

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් නිරෝධායනය වූ පුදගලයන් 52612ක් මේ වනවිට නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එමෙන් ම අද (15) වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 88ක පුද්ගලයන් 9703ක් නිරෝධායනය වෙමින් සිටියි. අද (15) දින තම නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 254ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතය.

තවද අද උදෑසන දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයන් 34ක් යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථන වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්