fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ආසාදිතයෙකුදැයි ඛේට සාම්පලයකින් සොයා ගැනීමේ ක්‍රමවේදයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 16:20

යම් පුද්ගලයෙක් කොරෝනා වයිරස ආසාදිතයෙකුදැයි ඛේට සාම්පලයක් මගින් සොයා ගැනීමේ ක්‍රමවේදයක් ප්‍රංශ පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.

වයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට මෙතෙක් භාවිත කළ ක්‍රමවේදය යම් තරමක අපහසුතාවයක් ඇති කරවන ක්‍රියාවලියක් බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ. ප්‍රංශ පර්යේෂණ කණ්ඩායම් විසින් සොයා ගත් ඊසී කොව් නම් වූ මෙම නව ක්‍රමවේදය මගින් ඛේට සාම්පලයක් ලබාගෙන  විනාඩි හතලිහක් වැනි කාලයක් තුලදී අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු දැයි  සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඕනෑම ස්ථානයකදී මෙම පරීක්ෂාව කරගත හැකිවීම විශේෂත්වයක්. මෙම ක්‍රමවේදය ප්‍රංශ සෞඛ්‍ය නියාමන අංශයන්හි අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්