fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තයේ රාජාණ්ඩුවට එරෙහි විරෝධතා යළි උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 16:43

තායිලන්තයේ රාජාණ්ඩුවට එරෙහි විරෝධතා යළි උත්සන්න වී තිබෙනවා.

රාජාණ්ඩුවේ නීති වහා සංශෝධනය විය යුතු බවත් වත්මන් අග්‍රාමාත්‍ය ප්‍රයුස් චාන් ඕචා වහා ඉල්ලා අස්විය යුතු බවත් තායිලන්තයේ බැංකොක් නුවර අත්පත්කරගත් විරෝධතාකරුවන් පවසා සිටිනවා. 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් වත්මන් අග්‍රාමාත්‍යවරයා නැවත වතාවක් බලයට පත්වීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා. රාජාණ්ඩුව විවේචනයට ලක් කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් සති ගණනක් පුරා විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතවන බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 16:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්