fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විනාශවීමේ අවදානමක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 11:44

කාලගුණික විපර්යාස සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ලොව පුරා පවතින විවිධ වර්ගයේ කොරල්පර 2017 වර්ෂයේ සිට විනාශ වෙමින් පවතින බව පර්යේෂකයින් හෙළි කර තිබෙනවා. මානව ක්‍රියාකාරකම් මේ සදහා මූලිකවම බලපා ඇති බවයි ඔවුන් වැඩිදුටත් පෙන්වා දෙන්නේ. ජලජ පැලෑටි මත්ස්‍යයන් ඇතුළු සාගර සම්පත් රැසක් ද විනාශවීමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. කොරල්පර ඇතුළු සාගර සම්පත් නැවත උත්පාදනයට දශක ගණනාවක් ගත වන හෙයින් එය නැවත උත්පාදනය කිරීම අසීරු වී ඇති බවයි නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්