නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට යුරෝපා සංගමය තීරණය කළා. සාමාජිකයන් විසි හත් දෙනාම ඊට එකඟත්වය පළකර තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් ව්‍යප්තිය පාලනය පදනම් කරගනිමින් සංචාරක කටයුතු සිදුකිරිමයි අපේක්ෂාව. එය සාමාජික රටවල පුරවැසියන්ට පමණක් මූලික කරගෙනයි කි‍්‍රයාත්මක වන්නේ. පසුගිය කාලයේදී යුරෝපා කළාපය සිය දේශසීමා වසා දැමීමටයි කටයුතු කළේ.
නව වැඩසටහන යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මූලිකත්වය දෙමින් රටවල් අතර ගමන් කිිරිමට පහසුකම් සලසා තිබෙනවා. ආර්ථික සහ අධ්‍යාපනික ඇතුළු කරුණු ගණනාවක් සලකා බලමින් තීරණය එළඹි බවයි යුරෝපා සංගමය පවසන්නේ.
ප්‍රංශය ඇතුළු රටවල් රැසකටම කොවිඩ් නයින්ටීන් හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවුණා. සෞඛ්‍ය කරුණු වලට මූලිකත්වය ලබාදෙමින් උපදෙස් සම්පාදනය කරන බවයි යුරෝපා සංගමය පවසන්නේ.