fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ යම් තරමක අඩුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 09:35

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යම් තරමක අඩුවක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.

මාස දෙකකින් පසු සටහන් වන අවම අගයන් ලෙසයි එම සංඛ්‍යා දැක්වෙන්නේ. එමෙන්ම දෛනික මරණ සංඛ්‍යාවේද තරමක අඩුවක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

පසුගිය කාලවකවානුව තුළ ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව අනූදහස ඉක්මවා ගිය බව සංඛ්‍යාලේඛන පෙන්වා දි තිබුණා. ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 63,517ක්. මරණ සංඛ්‍යාව 723 හක්. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7,237,082ක් ලෙසයි සඳහන් වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්