ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ගේ මාසික ශිෂ්‍යත්ව මුදල රුපියල් තුන් දහස දක්වා ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුන්නා. මෙතෙක් එම සිසුන්ට ලබා දුන්නේ රුපියල් දෙදහසක මාසික මුදලක්.
ටවර් හෝල් රගහල පදනමේ 296 වන භාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ වාර්ෂිකව විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන්ට ලබා දෙන රුපියල් පන්දහසක මුදල් ත්‍යාගය රුපියල් දස දහස දක්වා ඉහළ නංවන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. කලාකරුවන්ට රජයෙන් ලබා දෙන නිවාස පසුකාලීනව විකිණීම හේතුවෙන් කලාපුරය වැනි ස්ථානවල ඇති වැදගත්කම හීන වී යන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
රජයෙන් කලාකරුවන්ට ලබා දුන් නිවාස විකුණන්නේ නම් යළි රජයට පවරා ගැනීම පිළිබද අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා. කලාපුරයේ රජයට අයත් භූමියේ කලාකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකළ හැකි බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පෙන්වා දුන්නා. අනුරාධපුරය, නුවරඑළිය, මොනරාගල හා යාපනය යන ප්‍රදේශවල කලාකරුවන් වෙනුවෙන් වෙන් වූ නිවාඩු නිකේතන ඉදිකිරීමේ වැඩපිළිවෙළ පිළිබද සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0ke7Mh5FpbI”]