අග්‍රාමාත්‍ය මාධ්‍ය හා සන්නිවේදන අධ්යක්ෂ ජනරාල් ලෙස විජයානන්ද හේරත් මහතා පත් කෙරේ
Related Articles
අග්‍රාමාත්‍ය මාධ්‍ය හා සන්නිවේදන අධ්යක්ෂ ජනරාල් ලෙස විජයානන්ද හේරත් මහතා පත්කර තිබෙනවා. 2019 රජය පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේ ද විජයානන්ද හේරත් මහතායි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෘත්තියට පිවිසි විජයානන්ද හේරත් මහතා මාධ්‍ය සම්බන්ධීකරණ හා මාධ්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ වසර 25 කට අධික අත්දැකීම් ලබා තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී ගෞරව උපාධිධාරියෙකු වන ඒ මහතා එම විශ්විවිද්‍යාලයේම සමාජ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිධාරියෙකු ද වනවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් හා තවත් මාධ්‍ය අධ්‍යයන ආයතන කිහිපයකින් ජනමාධ්‍ය පිළිබද ඩිප්ලෝමා ලබා ඇති විජයානන්ද හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව අයිතිවාසිකම් පිළිබද ඩිප්ලෝමාධාරියෙක්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ කාලයේදී මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා කටයුතු කළා. මහින්ද රාජපක්‍ෂ මහතා කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා මෙන්ම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලවලදී මාධ්‍ය නිලධාරී ලෙස ක්‍රියා කළේ විජයානන්ද හේරත් මහතායි. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ විජයානන්ද හේරත් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද ක්‍රියා කරනවා.
2006 වසරේ සිට 2014 වසර දක්වා රාජ්‍ය මාධ්‍ය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළ ඒ මහතා 2016 වසරේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය උපදේශකවරයා ලෙස ද කටයුතු කළා.