බටහිර කාම්බෝජයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පවුල් 2400 කට වැඩි සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ. දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාවෙන් වගාබිම් හෙක්ටයාර 75000 කට වැඩි ප්‍රදේශයකට හානි සිදුව තිබෙනවා. මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමනයද ඇණ හිට තිබෙනවා. විපතට පත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ පොලීසියේ හා හමුදාවේ සහභාගීත්වය ඇතිවයි.