චීනයේ කිංඩාඕ නගර වැසියන් මිලියන 09 කගේ පිසීආර් පරික්ෂණ දින 05 ක් තුළ සිදු කිරීමට චීන සෞඛ්‍ය අංශ සමත් වී තිබෙනවා.
කිංඩාඕ නගරයෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 06 දෙනෙකු හමු වීමෙන් පසුවයි මෙම පරික්ෂණ සිදු කෙරුණේ. වෛරසය ආසාදනය වූ විදේශිකයන් හට ප්‍රතිකාර සිදු කරන රෝහලක් ද එම නගරයේ පිහිටා ඇති අතර සමාජය වෙත වෛරසය එමගින් ව්‍යප්ත වන්නට ඇති බවට සැක පල කෙරෙනවා. මීට පෙර මැයි මාසයේදී මිලියන 11 ක් වූ වූහාන් නගර වැසියන්ටද පිසීආර් පරික්ෂණ සිදු කෙරුණා.ගත වූ පැය 24 ට චීනයෙන් ආසාදිතයින් 21 දෙනෙකු හමු වී ඇති අතර එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 85557 ක් ලෙසයි දැක්වෙන්නේ.වෛරසය ආසාදනය වීමෙන් පුදිගලයින් 4634 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.