fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ කාන්තාවක අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2020 15:02

වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර හෙරොයින් සමග කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 138 ක් සමගයි. දෙදරු මවක වන මෙම කාන්තාවගේ සැමියාද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි පොලීසිය පවසන්නේ. බන්ධනාගාර ගතව සිටින තවත් පුද්ගලයින්ගේ දරුවන්ද මෙම කාන්තාව රැකබලාගෙන තිබෙනවා. ඒ අනුව ඇය භාරයේ සිටි දරුවන් 06 දෙනෙකු පරිවාස භාරයට පත් කිරීමට කටයුතු කෙරුනා. මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු හොරොයින් සමග අත්අඩංගුනට ගැනීමට හැකිව තිබෙනවා. ඔහු ප්‍රදේශයේ  ත්‍රී රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන ගිය අයෙක්. වෙන්නප්පුව පොලීසිය මේ පිලිබද පරික්ෂණ සිදු  කරනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2020 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්