වියට්නාමයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වියට්නාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. පසුගිය සතිය පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වය ඇති වී ඇති අතර තවත් නිවර්තන කුණාටුවක් ඉදිරි දිනි කිහිපය තුල බලාපොරොත්තු විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 31000ක් පමණ අවතැන් භාවයට පත්ව සිටිනවා. නිවාස 33000 ක් පමණ විනාශ වී ඇති බවයි රජයේ වාර්තා පෙන්වා දෙන්නේ. මේ ආකාරයටම පසුගිය වසරේ ඇති වූ ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් එරට පුද්ගලයින් එකසිය තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.