fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා වෛරසයේ ආයු කාලය ගැන නවතම අනාවරණයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2020 09:46

සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොරෝනා වෛරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මුදල් නෝට්ටු , ජංගම දුරකතන මුහුණත් හි හා සුදු යකඩ මත වෛරසයට නොනැසී දින 28ක් පමණ රැඳී සිටිය හැකි බවයි එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ. පෙර නිගමනය කළ ආයු කාලයන්ට වඩා බොහෝ වැඩි ආයුකාලයක් මේ අනුව වෛරසයට නොනැසී පැවතිය හැකි බව ඕස්ට්‍රේලියා ජාතික විද්‍යා ආයතනය නිවේදනය කරනවා. කෙසේ වුවද මෙම තත්ත්වය හිරු රශ්මියත් සමඟ වෙනස් වන බවයි එම පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ. පර්යේෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය ජීවිතයට අනුගත කිරීමේ දී ප්‍රතිඵලවල තත්ත්වය තවදුරටත් අඩු හෝ වැඩිවිය හැකිබවද ඔවුන් සඳහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2020 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්