fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඝාතනයක් සිදුකර වසර 12ක් පුරා සැඟව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2020 17:34

ඝාතනයක් සිදුකර වසර දොලහක් පුරා සැඟව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය කටයුතු කර තිබෙනවා.

2008 වසරේ මාර්තු 19 වනදා මාලඹේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලාගොස් සැගව සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනේ තලංගම පොලීසිය කළ විශේෂ විමර්ශනයක දී. මෙම පුද්ගලයා මාලඹේ බස් නැවතුම්පොළ ඉදිරිපිට ත්‍රී රෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඝාතනයට ලක්වූ තැනැත්තා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුද එම ස්ථානයේ ත්‍රී රෝද රථ රියදුරෙකු ලෙස සේවය කර තිබෙනවා. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2020 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්