fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ සිට ගෙන ආ කේරල ගංජා සහ කහ තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2020 12:26

ඉන්දියාවේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි දෙකක වටිනාකමින් යුතු කේරල ගංජා සහ කහ තොගයක් මන්නාරම ස්ථාන කිහිපයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම වංකාලෙයි මුහුදු තීරයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 125 යි ග්‍රෑම් 800 ක් හමුවී තිබෙනවා. පසුව තලෙයි මන්නාරම ප්‍රදේශයේ නිවසක ද සඟවා තිබූ කහ කිලෝග්‍රෑම් 154 ග්‍රෑම් 500 ක් සහ කේරල ගංජා මිලිග්‍රෑම් 2250 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා.

මේ අතර මන්නාරම නානාට්ටාන් ප්‍රධාන මාර්ගයේ තිරුවිලිකුලම් ප්‍රධාන මාර්ගයේ දී සිදුකළ වැටලීමකදී ද ප්‍රවාහන කිරීමට සූදානම් කර තිබූ කේරල ගංජා ග්‍රෑම් 33 ග්‍රෑම් 650 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

මෙම කේරල ගංජා සහ කහ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහන කිරීමට සූදානම් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2020 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්