පෑලියගොඩ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පේ හා හලාවත නගරවල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස නයිනමඩම, ඉරණවිල හරහා හලාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර තිබෙනවා.
නයිනමඩම, ඉරණවිල හරහා හලාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබද නිරීක්ෂණය කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද එක්වුණා. මාර්ගයේ ඉදිකිරීම් සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන අටසීයක්. මාර්ගය ඉදිකිරීමෙන් දේශීය සහ විදේශීය සංචාරක කර්මාන්තය මෙන්ම ධීවර ප්‍රජාවගේ ව්‍යාපාරික කටයුතු පහසු කිරීමට ද අවස්ථාව හිමිවනවා.