නිධානයක් ගැනීම සඳහා කැනීම් සිදු කරමින් සිටි 10 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
හොරණ මදුරාවල ප්රදේශයේ සුවිසල් නිවසක් පිටුපස නිධානයක් ගොඩගැනීම සදහා කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවෙස් හිමියන් ඇතුළු පුද්ගලයන් දස දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කළුගල් පිපිරවීමට යොදා ගන්නා අධිබලැති කම්ප්රෙෂර් යන්ත්රයක්, වෙඩි බෙහෙත්, ඩයිනමයිට්, විදුලි වතුර මෝටරයක්, කැබ් රථයක් ඇතුළු භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම් සිදු කෙරුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර දොඩන්ගොඩ ප්රදේශයේ කපුවෙකුද සිටින බවයි අගුරුවාතොට පොලිසිය සදහන් කළේ. මෙම කපුවා රත්තරන් නිධානයක් ඇති බවට කර ඇති ප්රකාශයක් මත කැනීම් සිදු කර ඇති අතර එම ස්ථානයේ වයස අවුරුදු 15ක දැරියක ද සිට තිබෙනවා. ඇය කුමන අරමුණකින් මෙම ස්ථානයට රැගෙන ආවේද යන්න පිළිබදව පොලිසිය විමර්ශන සිදුකරනවා. අඩි 22කට අධික ගැඹුරකට කැනීම සිදුකර තිබූබවයි අප වාර්තා කරුවන් සදහන් කළේ.